431
ඒකීය රටක් තුළ බලය බෙදීමට එකඟ බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔට්ටුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලම්මුරිප්පු, කච්චිලෛයිමඩු, කතලියාරු, ඔලුමඩු යන ප්‍රදේශවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවන්ට ඊයේ (03) දින සහභාගි වෙමිනි.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසිය.
පළාත්වලට පරිපාලන බලය බෙදිය යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටිනවා. ඉදිරි කාලය තුළ උතුරු නැඟෙනහිර පළාත් තුළ නැනෝ ජල පිරිපහදු නව මධ්‍යස්ථාන 400ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.