854
රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) මොණරාගලදී හමු විය.
වනයේ ස්වභාවික කළාපයක් තුළ හටගන්නා ඵල වැල, මීපැණි, පලතුරු, බෙහෙත් වර්ග, බීඩි කොල රැස් කිරීම, මිරිදිය ධීවර යන ආදායම් මාර්ග විවිධ ආයතනවල යම් නීති හා මැදහත්ව නොබැලීම හේතුවෙන් අඩපණ වී ඇනහිට ඇති බවත්, අඩු ආදායම්ලාභීන් ලෙස පහසුකම් නොලැබීම පිළිබඳවත් ආදිවාසී නායකයා මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු දැක්වූයේය.
ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රධාන සියලු ආදිවාසී ජනපදවල නායකයින් සමග අග්‍රාමාත්‍යවරයා හමුවී මෙම ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.