Home » මිහින්තලේ රජ මහ විහාරයේ විදුලිය කපයි
ලක්ෂ 41ක බිල ගෙවා නෑ

මිහින්තලේ රජ මහ විහාරයේ විදුලිය කපයි

by mahesh
August 4, 2023 1:00 am 0 comment

අනුරාධපුර සංචාරක සශිනි මධුෂානි

මිහින්තලේ රාජ මහා විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඊයේ (3) එම විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමුද්‍රනාථ ජයවර්ධන මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතාද මේ බව තහවුරු කළේය. මිහින්තලා රාජ මහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්මේ සම්බන්ධයෙන් පැවසූයේ මෙරට බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩම කරවීමට මූලික වූ මිහින්තලා පුදබිමේ විදුලි බලය ඊයේ (3) දහවල් විසන්ධි කළ බවයි. තමා ඍජුව කථා කරන නිසා දේශපාලකයන් තම ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නා බව උන් වහන්සේ මෙහිදී කියා සිටියහ. එහිදී උන් වහන්සේ මෙසේද පැවසූහ: “මිහින්තලා රාජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක තමයි මේ විදුලිය විසන්ධි කිරීම සිදු කළේ. ඒ හේතුවෙන් ඉදිරියේදී ජලයත් නැතිව යනවා. ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඇති බුද්ධ මන්දිරය, පොලිස් මුරපොළ, පුරාවිද්‍යා ස්මාරක අක්කර දහසකට වඩා වැඩි මේ පූජාභූමිය අද ඉඳන් අඳුරේ. මේ නිසා මිහින්තලාවේ පුරාවස්තු අනාරක්ෂිත තත්ත්වයට පත් වනවා,ඉදිරියට මිහින්තලය වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට සතා සර්පයාගෙන් බේරී මිහින්තලාව වැඳපුදාගන්න නම්, විදුලි පන්දමක් හෝ හුළු අත්තක් හෝ රැගෙන එන්න සිද්ධ වෙනවා.

“විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විහාරස්ථානයේ හිමිවරුන් මෙන්ම දායක දායිකාවන්ද දැඩි අපහසුතාවට පත් වෙනවා. මේ නිසා අප ඉල්ලා සිටින්නේ සංඝාවාසවලට මීටර් සවි කරලා වෙනම විදුලිය දෙන්න. ඒවා අප ගෙවාගන්නම්. ලක්ෂ 35ක් බිලක් ගෙවන්න විදියක් නැහැ. මෙය අවස්ථාවේ මුදල් නැහැ.නැති නම් කරුණා කරලා සූර්ය පැනල පද්ධතියක් සවි කරන්න.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT