Home » දරු ප්‍රසූතියකට කාසල් රෝහලට පැමිණි කත කුඩු ගහන බව හෙළිවෙලා

දරු ප්‍රසූතියකට කාසල් රෝහලට පැමිණි කත කුඩු ගහන බව හෙළිවෙලා

by mahesh
August 4, 2023 1:00 am 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

කොළඹ කාසල් කාන්තා රෝහලේදි දරුවකු ප්‍රසූත කළ මවක අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටින බව අනාවරණය වීමෙන් පසු රෝහල් බලධාරීන් විසින් ඇය මුල්ලේරියාව පොලිසිය වෙත යොමු කරනු ලැබීය. මෙම කාන්තාවට අවුරුදු දෙකහමාරක දරුවකු ද සිටින අතර, ඇයගේ සැමියා වරෙන්තුවකට අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාරගතව සිටි.

මුල්ලේරියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් සැරයන් ඉන්දිකා (5314) මහත්මිය විසින් ළමා අධිකරණය වෙත පැමිණිලි කිරීමෙන් පසු දින 21ක් වයසැති බිලිඳා මේ මස 21 වැනිදා තෙක් පානදුර ප්‍රජාපති ළමා නිවාසයේ රඳවා තැබීමටත් අවුරුදු දෙකහමාරේ දරුවා ආච්චි අම්මාට භාර කිරීමටත් තිරණය කෙරිණි.

මෙම කාන්තාව පුනරුත්ථාපනය වෙත යොමුකිරීම සඳහා මානසික තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවීමට ද නියම කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT