සුප්‍රසිද්ධ දෙමළ මාධ්‍යවේදියකු වූ විමල් සොක්කලිංගම් මහතා ලන්ඩනයේදී විදුලි දුම්රියක ගැටීම නිසා පෙරේදා (02) මියගොස් තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයකු වශයෙන් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ විමල් සොක්කලිංගම් මහතා පසු කාලීනව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයකම මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ. 76 වැනි වියේ පසු වූ ඔහු ලන්ඩනයේ පදිංචිව සිටින නිවෙසේ සිට ශාරීරික ව්‍යායාම කිරීම පිණිස බැහැරට ගොස් සිටි අවස්ථාවේදී විදුලි දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. අභාවප්‍රාප්ත විමල් සොක්කලිංගම් මහතා පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයක් ද යාපනයේ සංවිධාන කර තිබුණි. ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (05) ලන්ඩනයේදී සිදු කිරීමට නියමිතය.
දෙමළ මාධ්‍යවේදී විමල් සොක්කලිංගම් ලන්ඩනයේදී මිය යයි
by mahesh
August 4, 2023 1:00 am
0 comment
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ
485
මීලඟ පුවත