(දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරමින් සිටි නදීෂදිත්යා ශ්රී චන්ද්රපාල මහත්මිය මිය ගොස් අදට (4) වසරක් සපිරේ. ඒ නිමිත්තෙන් හෙට සහ අනිද්දා (5-6) නිවසේ දම් දෙසුමක් සහ සංඝගත දක්ෂිණාවකි. මේ කවි පෙළ ඒ නිමිත්තෙනි.)
පිරුණා අදට වසරක්
දැනුනේ ඔබ නැතිව කල්පයක්
සිර කරන් මතක ගොන්නක්
සිහි කරමි ඔබ හා සිටි අතීතයක්
සිපගත් අයුරු ආදරයෙන් තුරුලු කොට
මතකෙට නැඟෙනවිට වැගිරෙයි කඳුළු කැට
තනිකර නොම දමා දිවි හව් හරණයට
සිහිනෙන් එන්න සැමදා මගෙ නිදන ගෙට
නැතිවී ගිහින් මට ඔබගේ සෙවණැල්ල
සැමදා තියෙයි හදවත තුළ ළතැවිල්ල
පවසමි සිය වරක් මගෙ දුක් ගැනවිල්ල
අම්මේ ඔබයි මගෙ දිවියේ අරුණැල්ල
යන්නට තිබිණි දුර ගමනක් ඔබ කැටුව
සදහට නැති වුණා සිතු දේ මා පැතුව
සැනසුම සතුට නැත පෙර තිබූ මා සතුව
අතරමං වුණා දිවියේ ඔබ නැතිව
ඔබ අප හැර ගොසින් වසරක් ගතව ගොසින්
එහෙත් ඔබ නොගොස් ඇත අප හදින් සිතින්
මල් පහන් පුදා සැමදා බැතින් සිතින්
දෙපා වඳිමි අම්මා මගෙ ගෙදර බුදුන්
දියණිය – ධර්මී ජයෝද්යා අටුලුගම