Monday, April 21, 2025
Home » දැරියන් තිදෙනා තනි කර දමා පෙම්වතා සමඟ ගිය මව රිමාන්ඩ්

දැරියන් තිදෙනා තනි කර දමා පෙම්වතා සමඟ ගිය මව රිමාන්ඩ්

by mahesh
August 4, 2023 1:00 am 0 comment

ගම්පහ සමූහ ටෝනි කරුණානායක

ගැහැනු දරු තිදෙනාට නොසලකා හැර දරු තිදෙනාව සහ සැමියාව හැරදමා අනියම් පෙම්වතා සමඟ ගිය තිදරු මවක්ව එළඹෙන 09 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය 02 වෙනිදා පස්වරුවේ නියම කළාය.

මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන නිලුෂා දමයන්ති පෙරේරා නමැති තිදරු මවව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි .

රිමාන්ඩ් භාරයට පත් තිදරු මවගේ සැමියා යුද හමුදාවේ සේවය කරන බවට අධිකරණයේදී සඳහන් විය.

සැකකාර මවට අවුරුදු 19, 15 සහ 09ක් වයසැති දියණියන් තිදෙනෙකු සිටින බවටද අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් විය. දරු තිදෙනාගේ පියා රැකියාවට යාමෙන් අනතුරුව සැකකාර මව දැරියන් තිදෙනා රැකබලාගෙන ජීවත්ව සිට ඇත.

මීට මාස තුනකට පමණ පෙර සැකකාර මව අනියම් පෙම්වතකු

සොයාගෙන දරු තිදෙනා නිවසේ තනිකර දමා අනියම් සැමියා සමඟ වෙනත් නිවසක ජීවත් වන බවට පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. සැකකාර මවව පොලිසියට කැඳවා දරුවන් තිදෙනා ආරක්ෂා කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසට අවවාද කළ ද එම අවවාද නොසලකා හැර අවුරුදු 09ක් වයසැති බාල වයස්කාර දැරිය ඇතුළු දැරියන් තිදෙනාට නොසලකා හැර ඇති බව පැමිණිල්ල මෙහෙයවමින් මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් සුදත් නන්දසිරි (38098) නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය. නිවසේ සිටින දැරියන් තිදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒ සම්බන්ධව වාර්තාවක් එළඹෙන 09 වැනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT