Sunday, April 20, 2025
Home » ආහාර අර්බුදය විසඳීමේ දී ගෝලීය එක්සත්භාවයේ වැදගත්කම චීනය අවධාරණය කරයි

ආහාර අර්බුදය විසඳීමේ දී ගෝලීය එක්සත්භාවයේ වැදගත්කම චීනය අවධාරණය කරයි

by chanaka
August 4, 2023 3:50 pm 0 comment

ආහාර අර්බුදය විසඳීමේ දී ගෝලීය ආහාර සහ කෘෂිකර්ම පරිපාලන පද්ධතිය වැඩිදියුණු කළ යුතු බව චීනය කියා සිටී.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චං ජුන් මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (3) පැවති ‘ගැටුම් සහ ආහාර අර්බුදය’ පිළිබඳ රැස්වීමේ දී ය.

එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනවල වෘත්තීයමය ප්‍රතිලාභ සහ සම්බන්ධීකරණ භූමිකාවන්ට චීනය සහාය දක්වයි.

ආහාර අර්බුදයේ විශාලතම ගොදුරු බවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බව චං ජුන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ආහාර අනාරක්ෂිත භාවය, ගෝලීය වශයෙන් සිදුව ඇති ප්‍රමාණවත් නොවන සහ අසමතුලිත සංවර්ධනයේ ප්‍රතිඵලයක් බව ද හෙතෙම පැවසීය.

ආරවුල් සාමකාමී ව විසඳීමට උත්සාහ කරන ලෙසත්, ආහාර සුරක්ෂිතතාව වැනි විවිධ අභියෝගවලට සහයෝගයෙන් සහ ධනාත්මක චින්තනයෙන් යුතුව ප්‍රතිචාර දක්වන ලෙසත් චීනය ඉල්ලා සිටින බව චීන නියෝජිතයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT