තලේබාන් රජය ඇෆ්ගනිස්තානයේ රූපලාවණ්‍ය තහනම් කිරීමෙන් පසු එරට කාන්තාවන් 50කට වැඩි සංඛ්‍යාවකට වෘත්තීය පුහුණුව සැපයීමට ඇෆ්ගනිස්තාන ව්‍යාපාරික කාන්තාවක් ඉදිරිපත් වී ඇතැයි ටෝලෝ පුවත් සේවය වාර්තා කළේය. ෆ්‍රෙෂ්ටා හෂ්මි නමැති මේ කාන්තාව වසර 7ක් පුරා කාබුල් නුවර සුළු පරිමාණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර, රැකියා විරහිත හා අවතැන් වූ කාන්තාවන්ට සහ පාසල් අධ්‍යාපනය තහනම් වූ දැරියන්ට හස්ත කර්මාන්තයට අදාළ වැඩමුළු පවත්වන බව වැඩිදුරටත් වාර්තා වේ.
අවතැන් වූ සහ අසරණ වූ ඇෆ්ගන් කාන්තාවන්ට ඔවුන්ගේ කුසගිනි නිවා ගැනීමට පසුබිම සකස් කිරීම තම ඉලක්කය බව ඇය ටෝලෝ පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධව ඇෆ්ගන් රජය විරෝධයක් පළ කර නැතැයි ද, හස්ත කර්මාන්තයේ නිරතවන කාන්තාවනට ඔවුන්ගේ ප්‍රදර්ශන පැවැත්වීමට සහයෝගය ලබා දෙන බව එරට තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.