Home » අන්තර්වාර අගමැති ලෙස මුදල් ඇමැති පත් කිරීම අගමැති ශෙබාස් ප්‍රතික්ෂේප කරයි

අන්තර්වාර අගමැති ලෙස මුදල් ඇමැති පත් කිරීම අගමැති ශෙබාස් ප්‍රතික්ෂේප කරයි

by mahesh
August 4, 2023 1:00 am 0 comment

පාකිස්තානයේ එළැඹෙන මහමැතිවරණය සඳහා රජය විසුරුවා හැරීමෙන් පසු අන්තර්වාර අගමැතිවරයා ලෙස එරට මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් පත් කිරීම අගමැති ශෙබාස් ෂරීෆ් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු සඳහන් කර ඇත්තේ මධ්‍යස්ථ පුද්ගලයකු අන්තර්වාර අගමැති ලෙස තෝරා පත් කරගන්නා බවය. රජය විසුරුවා හැරීමෙන් පසු එරට ආර්ථිකය සම්බන්ධව තීරණාත්මක පියවර ගැනීමට සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා භාරකාර මණ්ඩලයකට බලය පැවැරීමේ පනත් කෙටුම්පතක් ද පසුගියදා එරට පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තිබේ.

තම පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු ලන්ඩනයේ සිටින තම වැඩිමල් සොහොයුරා වන හිටපු අගමැති නවාස් ෂරීෆ් නැවත පාකිස්තානයේ අගමැති ධුරයට පත්වන බව ශෙබාස් ෂරීෆ් දැනටමත් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පාකිස්තානයේ අගමැතිවරයා ලෙස වාර තුනක් කටයුතු කළ නවාස් ෂරීෆ් මේ වන විට ලන්ඩන් නුවර පදිංචිවී සිටින අතර, ඔහු මැතිවරණය ඉලක්ක කරමින් නැවත පාකිස්තානයට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මැතිවරණය විනිවිදභාවයකින් යුතුව පැවැත්වීම සඳහා අන්තර්වාර රජය මෙහෙයවීමට මධ්‍යස්ථ පුද්ගලයකු තෝරා ගැනීම ඉදිරියේදි සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT