Home » පාකිස්තාන රජයේ ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරකම්වලට චීනයේ සහාය

පාකිස්තාන රජයේ ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරකම්වලට චීනයේ සහාය

by chanaka
August 2, 2023 10:58 am 0 comment

පාකිස්තානයේ ජාතික ත්‍රස්ත විරෝධී ක්‍රියාකාරකම්වලට තරයේ සහාය දක්වන බව චීනය පවසයි.

30 වැනිදා පාකිස්තානයේ කේප් පළාතේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට දැඩි සංවේගය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

චීනය සෑම ආකාරයකම ත්‍රස්තවාදයට දැඩි ලෙස විරුද්ධ වන අතර, සිවිල් වැසියන් ඉලක්ක කරගත් එම බෝම්බ ප්‍රහාරය තරයේ හෙළාදකී.

ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සමාජ ස්ථාවරත්වය මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පාකිස්තාන රජය ක්‍රියාවට නංවන ත්‍රස්ත විරෝධී පියවරයන්ට දැඩි ලෙස සහාය වන බව ද චීනය අවධාරණය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT