කණිෂ්ඨ පාසල් ආසියානු කරාතේ ශූරතාවලිය සහ දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ ජයග්‍රහණයන් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය ප්‍රාදේශීය සභා ප්‍රධාන ශාලාවේදී පසුගිය (29) පැවැති අතර, ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රථ පෙරහැරකින් උණුසුම් අයුරින් ඇගයීම් උත්සවයට පිළිගැනීම සිදුවිය.
ජූනි 8 වන දින පැවති ආසියානු කරාතේ ශූරතාවලියේ දී කණ්ඩායම නියෝජනය කළ තෙල්දෙණිය ජාතික පාසලේ කේ එන් එන් එස් වෙලගෙදර හා ආර් එම් ඩී එස් එස් රත්නායක, ග්‍රීන්හිල් ජත්‍යන්තර පාසලේ ඩබ්ලිව්. එම්. ටී. ඩබ්ලිව්. ආර්. පී. වික්‍රමසිංහ උඩිස්පත්තුව ද්විතීක පාසලේ කේ පි ජී ඒ එම් රත්නතිලක හා කරල්ලියද්ද කණිෂ්ඨ විද්‍යාලයේ ආර් ඩි ජී සී වී එස් ධර්මරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා හේතුකොට පදක්කම් රාශියක් දිනා ගැනීමට සමත්ව ඇත.
තෙල්දෙණිය කරාතේ ඇකඩමිය විසින් සංවිධානය කරන ලද මෙම උපහාර උළෙලට සමගාමීව කළුපටිධාරීන් 30 දෙනෙකු සහ ශ්‍රේණි පරීක්ෂණයෙන් සමත් සිසු සිසුවියන් සදහා සහතික පත් පිරිනැමීම ද සිදු වූ අතර, එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ දුෂ්කරතා මධ්‍යයේ වූවත්, තම අරමුණ වෙනුවෙන් කැප වී දරුවන් රටටත් පළාතට අත්කරදුන් කීර්තිය වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටින බවත්, පළාතක් වශයෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් හැකි උපරිම අයුරින් පහසුකම් සැලසීම සදහා කටයුතු කරනු ලබන බවත්, කරාතේ ක්‍රීඩාව සමබර වු දිවිපෙවෙතට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ලබත් ය.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ සභාපති සිසිර කුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.