Home » වෘත්තීය අධ්‍යාපන සවිමත් කිරීමට සාකච්ඡා

වෘත්තීය අධ්‍යාපන සවිමත් කිරීමට සාකච්ඡා

by yasara
July 31, 2023 12:49 pm 0 comment

education

ශ්‍රී ලංකා හා ජපාන දෙරටෙහි වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව වඩාත් පුළුල් හා සවිමත් කරගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ජපාන රාජ්‍ය අමාත්‍ය ෆුජිමරු සතෝෂි (Fujimaru Satoshi) හා හිටපු ජපාන රාජ්‍ය අමාත්‍ය කෝසෝ යමමොටෝ (Kozo Yamamoto) යන මහත්වරුන් අතර සාකච්ඡාවක් මෙරට ජපාන තානාපති මිෂු කොෂි හිදේකි (Mitsukoshi Hideaki) මහතාගේ ද සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද පැවැත්විණ.

මෙහි දී අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ප්‍රශස්ත මට්ටමේ වෘත්තීය පුහුණු අවස්ථා සහිත ජපන් අධ්‍යාපන ක්‍රමවේද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලියට අනුරූප ව අදාළ කරගැනීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බවයි.

ඒ සඳහා එරටේ සහයෝගය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසී ය. ජපන් ටෙක් ආයතනය හරහා මෙරට තරුණ ශ්‍රමිකයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීමටත් ජපන් භාෂාව උගන්වන ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමටත් මෙහි දී ජපන් රාජ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළ කළහ.

එසේම මෙරට සිසුන්ට හා ශ්‍රමිකයන්ට එරට අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා වැඩි වශයෙන් උදා කරගැනීම පිළිබඳ ව ද ජපාන අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරවීමට ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී උත්සුක විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT