මාවරල පොලිස් වසමේ ආදළුව මහදොලේ ගල් වළක තිබී අධික ලෙස නරක්වූ මළ සිරුරක් ඊයේ (30) සවස සොයාගත් බව පොලීසිය පවසයි.
ආදළුව මහදොලට ඊයේ (30) සවස 5.00 ට පමණ දිය නෑමට ගිය පුද්ගලයෙකු ගල් වලක අධික ලෙස නරක්වූ මළ සිරුරක් තිබෙනු දැක ඒ පිළිබදව පොලීසියට දැනුම් දීමෙන් අනතුරව නිළධාරින් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබෙයි.
මළ සිරුර හමුවන අවස්ථාව වන විටත් මියගිය පුද්ගලයාගේ දෙපා දෙකම ජලයට හසුව දියවී ගොස් තිබූ අතර සිරුරේ ඇට කටු මළ සිරුර තිබූ ස්ථානය ආසන්නයේ ජලයේ තිබී පොලීසිය විසින් ගොඩට ගෙන තිබුණි.
මහදොලේ තිබී හමු වූ මළ සිරුර පසුගිය මැයි 14 දින ආදළුව පාලම අසලදී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරදන්ව තිබූ රොටුඹ,දන්ලන්දහේන ලිපිනයේ පදිංචිව සිටී 42 හැවිරිදි මළවි පතිරණගේ ජයන්ත යන අයගේ විය හැකි බවට පොලීසිය සැකකරයි.
අතුරුදහන්ව ඇති පුද්ගලයා මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන අයෙකු බවත් ඔහු දිනපතාම ආහාර ගැනීම සදහා ආදළුව ශ්‍රී රතනාරාම විහාරස්ථානයට යන බවත් එලෙස පන්සලට ගොස් එන අතරතුර ඉකුත් මැයි 14 දින ප්‍රදේශයට ඇද හැලුනු අධික වැස්සත් සමග ආදළුව මහදොලේ සැඩ පහරට හසුව ගසා ගෙන ගොස් තිබූ බවත් දින කිහිපයකට පසු සැඩ පහරට හසුවූ ස්ථානයේ සිට කිලෝමීටරයක පමණ දුරක තිබී සැඩ පහරට හසුව ගසා ගෙන ගිය පුද්ගලයා ඇද සිටී සරම හමුව තිබූ බවට පොලීසිය පැවැසීය.
හදිසි මරණ පරික්ෂණය පැවැත්වීම සදහා ඌරුබොක්ක හදිසි මරණ පරික්ෂක වරයා මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව සිරුර අධික ලෙස නරක්වී ජලයට සිරුර කොටස් දිය දී හදුනා ගැනීමට නොහැකි තත්ත්වයෙන් පැවැතීම හේතුවෙන් හදිසි මරණ පරික්ෂණය නොපවත්වා ස්ථානීය මහෙස්ත්‍රාත් පරික්ෂණය සදහා දෙයියන්දර මහෙස්ත්‍රාත් වරයා කැදවන ලෙසට පොලීසියට නියෝග කළේය.
ස්ථානීය මහෙස්ත්‍රාත් පරික්ෂණ අද (31) දින පැවැත්වීමට නියමිතව තිබූණි.සැඩ පහරට හසුව අතුරුදහන්ව සිටී පුද්ගලයාගේ සිරුරද එසේ නොමැති නම් වෙනත් පුද්ගලයෙකුගේ සිරුරක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවට පොලීසිය පැවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාවරල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exif_JPEG_420

Exif_JPEG_420