Home » ලංගම බස් වර්ජනයක්

ලංගම බස් වර්ජනයක්

by yasara
July 31, 2023 11:40 am 0 comment

Asoke leylond

පහරදීමක් මුල් කරගනිමින් රජරට ප්‍රදේශයේ, ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙයි.

හොරොව්පතාන ඩිපෝවේ රියදුරුවරයෙකුට හා කොන්දොස්තරවරයෙකුට පෞද්ගලික බස් රථ සේවකයින් සිදුකළ පහරදීමකට විරෝධය පළකරමින් ඩිපෝ 7ක සේවකයින් ධාවන කටයුතුවලින් ඉවත්ව මෙම වර්ජනයට එක්ව සිටියි.

මෙම වර්ජනයක් ආරම්භ කර ඇත්තේ, දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථයි.

සාධාරණ පරික්ෂණයක් සිදුකර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්ජනය අඛණ්ඩව සිදුකරන බව කටහගස්දිගිලිය ඩිපෝ කළමනාකරු ප්‍රකාශ කර සිටියි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT