අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනි සිටිමින් හැටන් ප්‍රදේශයේ පාසල් සිසුවියෙකුගේ නිවසට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.පාර්තිබන් මහතා වෙත ඊයේ (30) ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හැරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙයි.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ හැටන් දිඹුල පතන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සේවය කරන ප්‍රසාන්ත්රාජ් නැමති පොලිස් කොස්තාපල්වරයායි.
සැකකාර පොලිස් නිලධාරිවරයා හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක අධ්‍යාපනය ලබන සිසුවියක් කෙරෙහි පෙමක් ඇති වි එම සිසුවිය මුණ ගැසිමට ඉකුත් (28) දින එම පාසල වෙත ගොස් තමන් ආපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු බව එම විදුහලේ විදුහල්පතිවරයාට පවසා විදුහල්පතිවරයාගේද අවසරය මත එම පාසල් සිසුවිය මුණ ගැසි තමන් ආපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු බව පවසා විමර්ෂණයක් සදහා තමන්ට ප්‍රකාශයක් සටහන් කර ගැනිමට අවශ්‍ය නිසා නුවරඑලිය විශේෂ විමර්ෂණ අංශයට පැමිණෙන ලෙසට දැනුම් දි එහිදි එම සිසුවියට විමර්ෂණය සිදු කිරිම සදහා තමන්ට ලැබි ඇති උපදෙස් සහිත දුරකථන පණිවිඩයක්ද ඇයට පෙන්වා සැකකාර පොලිස් නිලධාරියාගේ දුරකථන අංකය ඇය වෙත ලබා දි ඇත.
හැටන් ප්‍රදේශයේ පදිංචි අදාල පාසල් සිසුවිය ඒ පිලිබදව දෙමව්පියන් වෙත දැනුම් දිමෙන් පසු පාසල් සිසුවියගේ පියා විසින් සැකකරු විසින් ලබාදුන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දි අදාල විමර්ෂණයට අවශ්‍ය ප්‍රකාශ ලබා දිමට සැකකාර පොලිස් නිලධාරියාට නිවසට පැමිණෙන ලෙසට පවසා ඇත.
ඒ අනුව ඉකුත් (28) දින පාසල් සිසුවියගේ නිවසට පැමිණ සැකකරු පිලිබදව සැකසිතු සිසුවියගේ දෙමව්පියන් නුවරඑලිය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා වෙත දුරකථනයෙන් කතා කර සැකකරු පිලිබදව තොරතුරු විමසිමේදි දුරකථනය එම පොලිස් නිලධාරියා වෙත ලබාදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙමව්පියන්ගෙන් කල ඉල්ලිමක් මත දුරකථන ඇමතුම සැකකාර පොලිස් නිලධාරියා වෙත ලබා දි ඇත.
එහිදි සැකකාර පොලිස් නිලධාරියා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නොවන බව වටහාගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙමව්පියන්ට පවසා ඇත්තේ හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණෙන තෙක් සැකකාර පොලිස් නිලධාරියා අල්ලාගෙන සිටින ලෙසය.
වහාම ක්‍රියාත්මක නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත කල දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම පාසල් සිසුවියගේ නිවස වෙත ගොස් සැකකාර පොලිස් නිලධාරිවරයා (28) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ඇප මත මුදා හැර ඇති සැකකාර පොලිස් නිලධාරිවරයා පොලිස් සේවයේ වසර පහක පමණ කාලයක් සේවයේ නියුතු , යාපනයේ මාණික්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කාලයක් හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවට තහවුරු වු බවත්, එම පාසල් දැරිය කෙරෙහි තමන් තුල පෙමක් ඇති වි ඇය යහලු කර ගැනිම සදහා තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් පෙනි සිටිමින් පාසලට සහ ඇය පදිංචි නිවස වෙත ගිය බව පැවසු බවයි හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.