Monday, April 21, 2025
Home » මෙවර “සාහිත්‍ය යාත්‍රාව“ ඩෙල්ෆ්ට් දූපතට

මෙවර “සාහිත්‍ය යාත්‍රාව“ ඩෙල්ෆ්ට් දූපතට

by chanaka
July 31, 2023 9:28 am 0 comment

“සාහිත්‍ය යාත්‍රා“ පාසල් පුස්තකාල සංවර්ධන හා භාෂා සාහිත්‍යය කලා ප්‍රවර්ධන වැඩ සටහන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර යාපනය දිස්ත්‍රික්කයට අයත් ඩෙල්ෆ්ට් දූපතෙහි පිහිටි ඩෙල්ෆ්ට් ජාතික පාසලේ දී පැවැත්විණි.

ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගැනුම් හා ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන දමිල මාධ්‍යයේ පාසල් දෙකක් වන ඩෙල්ෆ්ට් ජාතික පාසල හා යාපනය ඌෂන් රාමනාදන් විද්‍යාලය වෙත පුස්තකාල ප්‍රවර්ධනය සඳහා පොත් ලබා දීම, කලා හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් දරුවන් සදහා චිත්‍ර වැඩමුළුවක් ද එහිදී පැවැත්විණි.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීමක් ද එහිදී සිදු කළේ ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT