Saturday, April 19, 2025
Home » ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ

by chanaka
July 31, 2023 8:52 am 0 comment

ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැති බවත් ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රම්ත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිය තුර්කි සංචාරයේදී තුර්කි ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මහතා හමුවූ අවස්ථාවේදීය.

දිවයිනේ ෆෙතුල්ලා ගුලේන් කණ්ඩායම් විසින් මෙහෙයවන ලද ෆෙතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය විශේෂයෙන් බුද්ධි අංශ ආරක්‍ෂක අංශ දැක්වූ දායකත්වය තුර්කි ආරක්‍ෂක අමාත්‍යවරයා බෙහෙවින් අගය කළේය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් සහ අමාත්‍ය ගුලර් අතර බහුවිධ වේදිකා තුළ ද්විපාර්ශ්වික සහය තවදුරටත් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී සාකච්ඡා පවත්වන ලදි.

ජාත්‍යන්තරආරක්‍ෂකප්‍රදර්ශනයට සමගාමීව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් තුර්කි අමාත්‍යවරයා හමුවිය.
මෙම හමුව සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ තුර්කි ආරක්‍ෂක නිලධාරීන් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT