Tuesday, April 22, 2025
Home » ‘අඳුපැලෑනේ බිංදු‘ STF අත්අඩංගුවට

‘අඳුපැලෑනේ බිංදු‘ STF අත්අඩංගුවට

by chanaka
July 31, 2023 2:16 pm 0 comment

මනූෂ ඝාතන, පහරදීම් හා කොල්ලකෑම් වලට සම්බන්ධ ‘අඳුපැලෑනේ බිංදු‘ නැමැත්තා ගිනි අවියක් හා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කදවුරේ නිලධාරීන් හුංගම අදුපැලෑන රන්න ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත. එහිදී මනූෂ ඝාතන, පහරදීම් හා කොල්ලකෑම් වලට සම්බන්ධ නඩු කිහිපයකට අවශ්‍යව සිටි අදුපැළෑනේ ‘බිංදු‘ යන අන්වර්ත නාමයෙන් හැදින්වෙන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබි ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 ගිනි අවි සදහා යොදා ගන්නා උණ්ඩ දෙකක්, හෙරෝයින් ග්‍රෑම් 7යි මිලි ග්‍රෑම් 690ක් සොයා ගෙන තිබේ.

30 හැවිරිදි මෙම සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා හුංගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT