Home » පාකිස්තානයේ දේශපාලන රැස්වීමකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

පාකිස්තානයේ දේශපාලන රැස්වීමකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

by chanaka
July 31, 2023 9:13 am 0 comment

වයඹදිග පකිස්ථානයේ දේශපාලන රැලියකදී සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙක් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුවාල ලැබූ සංඛ්‍යාව 200 කට ආසන්න බවය.

ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි ඛාර් නගරයේ දී පාකිස්තාන රජයේ සභාග හවුල්කරුවෙක් වන ජමියට් උලේමා-ඊ-ඉස්ලාම්-එෆ් (JUI-F) පක්ෂය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

බෝම්බකරු වේදිකාව ආසන්නයටම පැමිණ බෝම්බය පුපුරුවා ගෙන තිබෙන බව සදහන් වේ.

ඔක්තොම්බර් හෝ නොවැම්බර් පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඉදිරි සති කිහිපය තුළ පාකිස්තාන ජාතික සභාව විසුරුවා හැරීමට නියමිතය. ‍ එම මැතිවරණය වෙනුවෙන් පැවති දේශපාලන ප්‍රචාරක රැස්වීමකට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

එමෙන්ම, මෙම ප්‍රහාරය එල්ලවන්නේ චීන උප අගමැති හී ලයිෆෙන්ග් ඇතුළු චීන ජ්‍යෙෂ්ඨ දූත පිරිසක් පාකිස්තාන අගනුවරට පැමිණි අතරවාරයේදී ය.

මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් මෙතෙක් භාරගෙන නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT