Monday, April 21, 2025
Home » පාසල් සපත්තු සහ බෑග් මිල පහතට

පාසල් සපත්තු සහ බෑග් මිල පහතට

by chanaka
July 27, 2023 4:28 pm 0 comment

පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යාංශයේදී නිෂ්පාදකයින් සමග පැවැති සාකච්ඡාවකදී අද (27) අනාවරණය විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්තකරුවන් ප්‍රකාශ කර සිටියේ දැනට වෙළෙඳපොලේ පවතින තොග ද, නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවයි.

ඒ අනුව, එම වාසිය සුවහසක් පාසල් දරුදැරියන් වෙනුවෙන් ලබාදීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්ත කරුවන්ට ස්තූතිය පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT