Home » රතු ලූණූ වගාවට Diptera රෝග තත්ත්වය

රතු ලූණූ වගාවට Diptera රෝග තත්ත්වය

by chanaka
July 27, 2023 3:19 pm 0 comment

යාපනයේ ප්‍රදේශ කිහිපයක රතු ලූණූ වගාවෙහි පැතිර ඇති රෝග තත්ත්වය පාලනයට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

යාපනයේ ප්‍රදේශ කිහිපයක රතු ලූණූ වගාවට වැළඳී ඇති රෝග තත්ත්වයක් පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වී තිබිනි.

මෙම රෝග තත්ත්වය ලූණූ වගාව තුළ දක්නට ලැබෙන Diptera රෝග තත්ත්වය යැයි සැළකෙන බැවින් එම රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

දැනට මෙම රෝග තත්ත්වය යාපනයේ දිස්ත්‍රික්කයේ චුන්නාකම්, තෙල්ලිප්පලෙයි, මාදගල්, සංගානයි, අච්චුවේලි, කෝපායි සහ වඩමරච්චි යන ප්‍රදේශවල රතු ලූණූ වගාවන්හි දක්නට ලැබේ.

කෙසේ වුවද මේ සම්බන්ධ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මහත්මිය යාපනය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට උපදෙස් දී ඇත.

එමෙන්ම මෙම රෝග තත්ත්වය පාලනය සඳහා ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග, යෙදිය යුතු කෘමිනාශක සම්බන්ධව ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් ද වහා ඇරඹීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යක්ෂ ජනරාල්වරිය නියෝග ලබා දී ඇත.

මෙම රෝග තත්ත්වය Diptera හෙවත් ලූණූ පණුවන් විශේෂයක් (Onion Maggot) මගින් සිදුවිය හැකි බැවින් එම සතුන් පාලනය සඳහා සුදුසු රෝග වැළැක්වීමේ ක්‍රම අනුගමනය කිරීම පිළිබඳව රතු ලූණූ ගොවීන් දැනුම්වත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි ද පී. මාලතී මහත්මිය සඳහන් කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT