Home » බොරැල්ලේ ප්‍රජා ශාලාවක සිවිලිමෙන් ලක්ෂ 60 ක හෙරොයින් හමුවෙයි

බොරැල්ලේ ප්‍රජා ශාලාවක සිවිලිමෙන් ලක්ෂ 60 ක හෙරොයින් හමුවෙයි

by yasara
July 27, 2023 11:50 am 0 comment

heroin

බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවක සිවිලිමේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

එම ස්ථානයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 600 කට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කිසියම් පුද්ගලයකු ප්‍රජා ශාලාවේ පිටත සිවිලිමේ මේවා සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත් කුඩු තොගය  බොරැල්ල පොලිසිය වෙත භාරදී ඇත

පොලිස් විශේෂ කාර්ය බලකා  අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි පොලිස් අධිකාරී එම් එම් කේ විජේසිංහ සහකාර පොලිස් අධිකාරී (බුද්ධි විශේෂ මෙහෙයුම් මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ උප පොලිස් පරීක්ෂක පරීක්ෂක ටිඑම් ධර්මවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT