Tuesday, April 8, 2025
Home » අවුරුදු 17 මෙහෙකාර තරුණියගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණ

අවුරුදු 17 මෙහෙකාර තරුණියගේ අභිරහස් මරණය ගැන පරීක්ෂණ

by yasara
July 27, 2023 11:34 am 0 comment

රුපියල් විසිපන් දහසක මාසික කුළියකට නිවසක මෙහෙකාර කමට ලබා දුන් වයස අවුරුදු 17 ක තරුණියකගේ මළ සිරුර එම නිවසින් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය ඊයේ (26 ) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

යාපනයේ වඩුක්කෝඩෙයි මුදලියාර් කෝවිල් අඩි ප්‍රදේශයේ නිවසක සිටි දාහත් හැවිරිදි කේතීස්වරන් ධර්මිකා නැමති තරුණියක් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට ආර්ථික ශක්තියක් නොමැති නිසා ඇයගේ මව විසින් යාපනයේ නිවසක මෙහෙකාරකමට ලබා දී ඇත.

මාසික කුළිය වශයෙන් රුපියල් 25000 ක මුදලක් ලබා දීමට පොරොන්දු වූවත් ඇයට මාසයකට රුපියල් 5000 ක මුදලක් පමණක් නිවසේ අයිතිකරු විසින් ලබා දී තිබේ. මවට දරුවා බැලීමට යාම තහනම් කළ හාම්පුතා දුරකතනය ඔස්සේ මසකට විනාඩි තුනක කාලයක් පමණක් මවට කතා කිරීමට ලබා දී තිබේ.

මාස හතරකට පමණ පසුව එසේ දුරකතනයෙන් කතා කිරීමටද ඉඩක් ලබා නොදුන් හාම්පුතා නියමිත පරිදි වැටුප්ද ගෙවා නොමැත. අවසානයේදී ඇය මියගොස් ඇති බවට පමණක් පණිවුඩයක් දැරියගේ මවට ලැබීමෙන් පසුව මරණය පිළිබදව තමන්ට විශාල සැකයක් පවතින බව දැරියගේ මව යාපනය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේමකුමාර් නාමසිවායම් මහතා එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී මියගිය අයගේ ශරීරයේ කොටස් වැඩි දුර පරීක්ෂණ සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යවා තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT