Tuesday, April 8, 2025
Home » අස්වැසුම ලිපිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙක් ඇද වැටී මරුට

අස්වැසුම ලිපිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙක් ඇද වැටී මරුට

by yasara
July 27, 2023 10:30 am 0 comment

Srilanka

රාජකාරි කටයුත්තක් සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි පුද්ගලයෙකු ඒ තුල ඇද වැටිමෙන් අද (27) පෙරවරු  මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පැවසිය.

මෙලෙස මියගොස් ඇත්තේ ටොනකොම්බ වතුයාය , නමුණුකුල ලිපිනයේ පදිංචි 76 හැවිරිදි රාමසාමි කුලන්දාවේලු නැමති අය බවද පොලිසිය කීය.

අද උදැසන රාජකාරි කටයුත්තක් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි පුද්ගලයෙකු බිම ඇදවැටිමක් සිදුවු අතර එම අවස්ථාවේ දිම 1990 ගිලන්රථ සේවය එම ස්ථානය වෙත කැදවා එම පුද්ගලයා රෝහලට ගෙන යැමය කටයුතු කල අවස්ථාවේ දි ඔහු මියගොස් තිබෙයි

මියගිය පුද්ගලයා ගේ ඥාතින් පවසා සිටියේ අද උදෑසන අස්වැසුම ලිපිය ලබා ගැනිම සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යන බව පවසා මොහු නිවසින් පිටත්ව ගිය බවයි.

මේ පිළිබඳව වැඩිදුර  විමර්ශන ඇල්ල පොලිස් ස්ථානය මගින් සිදුකෙරේ

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT