Saturday, April 19, 2025
Home » අයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මියයයි

අයර්ලන්ත ගායිකා ෂිනේඩ් ඕ කෝනර් මියයයි

by chanaka
July 27, 2023 4:08 pm 0 comment

ලෝක ප්‍රකට අයර්ලන්ත ගායිකාවක් මෙන්ම ගීත රචිකාවියක් වන ෂිනේඩ් ඕ කෝනර්(Sinéad O’Connor ) මියයයි.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 56 කි.

ෂිනේඩ් වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 1990 දී නිකුත් කරන ලද නතින් කම්පෙයාර්ස් ටු යූ ගීතය ගායනයෙනි. ලොව පුරා ගීත දර්ශකවල අංක එකට පැමිණීමට එම ගීතය සමත් විය.

1966 දෙසැම්බරයේ දී ඩබ්ලින් හි දී උපත ලද ඇගේ කුඩා කාලය මහත් දුෂ්කරතාවලින් පිරී තිබුණි.

පළමු වරට සංගීතය සඳහා යොමු වීමට ගිටාරයක් පවා පරිත්‍යාග කර තිබුණේ කන්‍යා සොහොයුරියක් විසිනි.

ඇයගේ මානසික රෝගය ගැන සදහන් කරමින් ප්‍රසිද්ධියේ කියා සිටියේ ඇයට බයිපෝල අක්‍රමිකතා ඇති බව හඳුනාගෙන ඇති බවයි.

එසේම පසුගිය වසරේ ඇගේ තරුණ වියේ පසුවූ පුත් ෂේන් සියදිවි නසාගැනීමේ සිද්ධියෙන් පසු ෂිනේඩ් ට්විටර් සටහනක් තබමින් සදහන් කර තිබුනේ “ඔහු නොමැතිව ජීවත් වීම තේරුමක් නැත” යන්නයි.

අසාමාන්‍ය කටහඩක් හිමි ෂිනේඩ් මෙතරම් අඩු වයසකින් ජීවිතයෙන් සමු ගැනීම ඇගේ රසිකයන්ගේ හදවත් කම්පාවට පත් කර ඇත.

ෂිනේඩ් ගේ මරණයට හේතුව පිළිබඳ ඇගේ පවුලේ ඥාතීන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT