යුරෝපා හවුල විසින් තලේබාන් සංවිධානයේ ඇතැම් නායකයන්ට සම්බාධක පැනවීම හෙළා දකින බව ඇෆ්ගනිස්තාන තලේබාන් රජයේ වැඩ බලන අධිකරණ ඇමැති අබ්දුල් හකීම් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුරෝපා හවුලට එරෙහිව සම්බාධක පැනවීමට තලේබාන් සංවිධානයටත් දිනයක් උදාවනු ඇතැයි ද අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ ටෝලෝ නිවුස් පුවත් සේවයට අනුව ඉතා මෑතකදී යුරෝපා හවුල තලේබාන් සංවිධානයේ නිලධාරීන් තිදෙනකුට සම්බාධක පනවා තිබේ. වැඩබලන අධිකරණ ඇමැතිවරයා විරෝධතාව පෙන්නුම් කර ඇත්තේ ඒ සම්බන්ධයෙනි.
යුරෝපා සංගමයේ ප්‍රකාශයකට අනුව තලේබන් සංවිධානය මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධව දැඩි අපකීර්තියට පත්ව සිටී. විශේෂයෙන් ගැහැනු ළමයින්ට පාසල් අධ්‍යාපනය තහනම් කිරීම යුරෝපා සංගමයේ වැඩි අවධානයට ලක්වී ඇතැයි ද වාර්තා වේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා අපයෝජන චෝදනා සම්බන්ධයෙන් යුරෝපා හවුල පසුගියදා ඇෆ්ගනිස්තානය, රුසියාව, යුක්රේනය, දකුණු සුඩානය සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය රටවල පුද්ගලයන් 18 දෙනකුට සහ සංවිධාන 5කට සම්බාධක පනවා තිබිණි. තලේබාන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අබ්දුල් හකීම් හකානි, අධිකරණ ඇමැති අබ්දුල් හමි ෂරී සහ වැඩබලන අධ්‍යාපන ඇමැති හබීබුල්ලා අගා ඒ අතර සිටින බව ටෝලෝ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.