Home » විනය විරෝධී හැසිරීම නිසා ක්‍රීඩිකාවකට තරග තහනමක්

විනය විරෝධී හැසිරීම නිසා ක්‍රීඩිකාවකට තරග තහනමක්

by chanaka
July 26, 2023 4:51 pm 0 comment

විනය විරෝධී හැසිරීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායිකා හර්මන්ප්‍රිට් කොවුර් ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තරග තහනමක් පනවා තිබේ.

බංග්ලාදේශයට එරෙහිව පැවති අවසන් එක්දින තරගයේ දී ඉන්දීය නායිකා හර්මන්ප්‍රිට් දැවී යාමෙන් පසු විනිසුරුගේ තීරණයට විරෝධය පළ කරමින් සිය කඩුල්ලට, පිත්තෙන් පහර දීම ඇයට ‍එල්ල වී ඇති චෝදනාව වේ.

එම වරද විනය නීති සංග්‍රහයේ දෙවැනි මට්ටමේ වරදකි. ඒ අනුව, ඇයට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් සහ දඬුවම් ලකුණු 3 ක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේය.

එමෙන්ම, හර්මන්ප්‍රිට් එම තරාගවලියේ සම්මාන ප්‍රදානෝත්සවයේදී ද විනිසුරුවරයා විවේචනය කර තිබේ.

තරගාවලියේ ශූරතාව සම සේ බෙදීයාම හේතුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩිකාවන්ගේ සමූහ ඡායාරූ‍පය ගැනීමේ අවස්ථාවේ දී ඇය විනය විරෝධී ලෙස හැසිරී ඇත.

ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක දඬුවම් ලකුණු 4 ක් ලබා ගතහොත් ඔහුට හෝ ඇයට ටෙස්ට් තරගයක් හෝ සීමිත පන්දුවාර තරග දෙකක් තහනම් කෙරේ.

ඒ අනුව, හර්මන්ප්‍රිට්හට එළඹෙන ආසියානු ක්‍රීඩා උලෙළේ ඉන්දියාව සහභාගී වන ප්‍රථම තරග දෙක අහිමි වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT