Sunday, April 20, 2025
Home » ආගිය අතක් නොමැතිව සිටි මව හා දියණිය ඥාති නි‍වෙසක

ආගිය අතක් නොමැතිව සිටි මව හා දියණිය ඥාති නි‍වෙසක

by mahesh
July 26, 2023 1:01 am 0 comment

ගලහ සමූහ - සී.කේ. වික්‍රම

පසුගිය දාහත්වන දින සිට ආගිය අතක් නොමැතිව සිට හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ තරුණ මවක් හා දියණියක් අවිස්සාවේල්ල ගලබලනකන්ද මාණික්කාව ප්‍රදේශයේ ඇයගේ ඥාති නි‍ෙවසක සිටියදී අවිස්සාවේල්ල පොලිසිය විසින් (24) සවස සොයාගෙන ඇත.

ඒ අතර දින කිහිපයක් තිස්සේ බිරිය හා දරුවන් නොමැති දුකට ඔවුන්ගේ ස්වාමියා වස පානය කොට ඇති අතර ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කොට ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. තම ස්වාමියාගෙන් නිතර දෙවේලේ බීමත්ව සිදුවන හිරිහැර කරදර නිසා කාටත් නොදන්වා රෝහලට යන බව පවසා ඇය අවිස්සාවේල්ල ඥාති නි‍ෙවසට පැමිණි බව පොලිසියේදී ප්‍රකාශ කර ඇත.

දින කිහිපයක් මෙසේ ආගිය අතක් නොමැතිව සිටියේ වයස අවුරුදු විසි දෙකක් වන වෙල්ලේඅම්මා සුරේන්ඩ්‍රනි රාණි හා වයස අවුරුදු එකයි මාස හතක් වන තරුෂිකා අබි නමැති ඇයගේ දියණියයි. ඔවුන්ගේ මෙම පවුල් ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අවිස්සාවේල්ල හා හඟුරන්කෙත පොලිසි මඟින් සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT