වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ ඇද තිබූ දුරකතන රැහැන් තොගයක් මහ රෑ හොරෙන් කපා ගෙන ගොස් සිටි සොරකු එම දුරකතන රැහැන් තොගය ද සමඟ අත්අඩංගුවට ගත් බව නුංගමුව පොලිසිය පැවසීය.
මලිගාතැන්න ප්‍රදේශයේ ඇද තිබූ දුරකතන රැහැන් තොගයක් ඉකුත් 23 රාත්‍රී කපා ගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා මළිගාතැන්න ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු සැකපිට පෙරේදා 24 අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එසේ කපා ගෙන ගොස් තිබූ දුරකතන රැහැන් තොගය සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව ද පොලිසිය කීය.
මොහු මේ අයුරින් මෙයට පෙර ද අවට ප්‍රදේශවල දුරකතන රැහැන් හොරෙන් කපා ගෙන ගොස් ඇති ද යන්න පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බව ද පොලිසිය සඳහන් කළේය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා පොලිස් අධිකාරී (5) කුවින්ටස් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නුංගමුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක මනම්පේරි, එහි පොලිස් කොස්තාපල්වරුන් වන ඉෂාලක (104213) හා වීරතුංග (81544) යන මහත්වරු ප්‍රමූඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැටලීමට සහභාගි වූහ.