Home » බිත්තර පාලන මිළ ඉවත් කෙරේ – ගැසට් නිවේදනය ප්‍රකාශයට

බිත්තර පාලන මිළ ඉවත් කෙරේ – ගැසට් නිවේදනය ප්‍රකාශයට

by yasara
July 26, 2023 9:47 am 0 comment

Eggs

බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නිශාන්ත නිරිඇල්ල විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත

බිත්තර මිල පාලනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය මඟින් සුදු බිත්තරයක් රුපියල් 44කටත් දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් වන ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස 19 වන දින ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණි.

එහි තවදුරටත් දැක්වුනේ සුදු බිත්තර කිලෝ ග්‍රෑමයක් රුපියල් 880ක් සහ දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑමයක් 920කටත් අලෙවි කළ යුතු බවය.

කෙසේ වෙතත් මෙම නව ගැසට් නිවේදනය මඟින් බිත්තර මිළ පාලනය ඉවත් කර තිබෙයි

Gazzert

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT