Home » තිළිණි ප්‍රියමාලි විදේශගතවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

තිළිණි ප්‍රියමාලි විදේශගතවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

by chanaka
July 26, 2023 4:35 pm 0 comment

රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන නඩුවක සැකකාරියකවන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ව්‍යාපාරික කටයුත්තකට විදේශගත වීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙම නඩුව අද(26) කැද වූ අවස්ථාවේ තිළිණි ප්‍රියමාලි ඇතුළු සෙසු සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ලබන 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණි.

සැකකාරියට එරෙහි නඩු තුනක් විවෘත අධිකරණයේ අද කැදවනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT