Monday, April 21, 2025
Home » වව්නියාවේ නිවසකට ගිනිතැබීමෙන් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයෙක් මරුට

වව්නියාවේ නිවසකට ගිනිතැබීමෙන් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයෙක් මරුට

by chanaka
July 26, 2023 11:37 am 0 comment

වව්නියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක උපන්දින සාදයක් පැවැත්වෙන අතරතුර එම නිවසට ගිනි තැබීමෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ.

පසුගිය 23වැනිදා අළුයම් කාලයේ සිදු වූ එම සිද්ධියෙන් මීට පෙර මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

වව්නියාව තොනික්කල් ප්‍රදේශයේ නිවසක උපන් දින සාදයක් පැවැත්වෙන අතරතුර නාදුනන පිරිසක් සිදු කළ ගිනි තැබීමකින් කාන්තාවක මියගොස් නවදෙනෙකු තුවාල ලැබීය.

බරපතළ තුවාල ලබා යාපනය පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි පුද්ගලයෙකු මෙලෙස අද(26) උදෑසන මියගොස් ඇති අතර ඔහු ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වයස අවුරුදු 34 ක් වන මෙම පුද්ගලයා මෙම සිද්ධියෙන් මීට පෙර මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා වේ.

ගින්නෙන් තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබයි.

ගිනි තැබීම් සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT