Home » කැලණි ගං ඉවුරේ නාඳුනන මළසිරුරක්

කැලණි ගං ඉවුරේ නාඳුනන මළසිරුරක්

by chanaka
July 26, 2023 10:08 am 0 comment

කැලණිය පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ (25) දහවල් කාලයේ එලෙස පිරිමි මළ සිරුරක් ඇති බවට කැලණිය පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සදහන් කරයි.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. වයස අවුරුදු 48ක් පමණ වන උස අඩි 05යි අඟල් 06ක් වන සිරුරක් මෙලෙස හමුව ඇත.

අවසන් වරට ඇඳ සිට ඇත්තේ කහ පැහැති කමිසයක් සහ නිල් පැහැති කොට කලිසමකි.

කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT