අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 වටයට සුදුසුකම් ලැබීමේ අරමුණින් ඩී.එස්.සේනානායක විදුහල් පිල සහ සාන්ත තෝමස් විදුහල් පිල අද (21) පස්වරුවේ හැව්ලොක් පිටියේදී ගැටෙති. මූලික වටයේ අවසන් තරග කිහිපය ආරම්භ වීමටත් පෙර ‘ඒ’ කාණ්ඩයේ අපරාජිතව පෙරමුණ ගෙන සිටින ඉසිපතන විදුහල් පිල සමඟ ‘බී’ කාණ්ඩයේ පළමු හා දෙවැනි ස්ථානවල පසුවන රාජකීය සහ සාන්ත පීතර විදුහල් පිල සුපිරි හතරේ වටයට සුදුසුකම් ලැබූ අතර, ඩී.එස්. සහ සාන්ත තෝමස් විදුහල් අතර අද පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් සුපිරි හතරට සුදුසුකම් ලබා ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වනු ඇත.
මේ අතර අපරාජිත ඉසිපතන විදුහල් පිල සහ වෙස්ලි විදුහල් අතර තරගය හෙට (22) පස්වරුවේ හැව්ලොක් පිටියේදී පැවැත්වෙන අතර, එදිනම ‘බී’ කාණ්ඩයේ අපරාජිතයන් වන සාන්ත පීතර විදුහල් පිල සහ විද්‍යා විදුහල් පිල අතර තරගය සාන්ත පීතර විදුහල් පිටියේදී පැවැත්වේ.
කිංග්ස්වුඩ් විදුහල් පිල සහ සාන්ත අන්තෝනි විදුහල් පිල ‘ඒ’ කාණ්ඩය යටතේ ලබන 23 වැනිදා පස්වරුවේ පල්ලෙකැලේදී තරග වදින අතර, එදිනම පස්වරුවේ බෝගම්බර පිටියේදී විද්‍යාර්ථ විදුහල් පිල සහ සහිරා විදුහල් පිල තරගය පවත්වනු ලබන්නේ ‘බී’ කාණ්ඩය යටතේය.