258
මැලේරියා, බරවා සහ සරම්ප රෝග සමාජයෙන් පාලනය කර තිබුණ ද, නැවතත් ඒ රෝගීන් වාර්තා වන බව ද කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය.
සෞඛ්‍ය පද්ධතියේ ඇතිව තිබෙන ගැටලු සම්බන්ධයෙන් පැන නැඟුණ විවාදයක දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
පාලනය කොට තිබූ වසංගත රෝග හයකින් තුනක් නැවත සමාජයේ පැතිරෙමින් පවතිනවා.
සෞඛ්‍ය ප්‍රශ්න විසඳීම සඳහා දැඩි ක්‍රියාමාර්ගවලට යන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ආර්ථිකය හදන්න හරි කාලා බීලා ඉන්න හරි මිනිසුන් ජීවත් විය යුතුයි. සෞඛ්‍ය කියන්නේ මිනිසුන්ගේ ජීවිතයි.
නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කරන්න එපා