Home » නළු නිළි වැඩවර්ජනයෙන් හොලිවුඩයට ඩොලර් බිලියන 3ක පාඩුවක්

නළු නිළි වැඩවර්ජනයෙන් හොලිවුඩයට ඩොලර් බිලියන 3ක පාඩුවක්

by mahesh
July 21, 2023 1:01 am 0 comment

කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් පරිගණකයෙන් මුහුණු සහ හඬ උත්පාදනය කිරීමට එරෙහිව සහ ලාභය සාධාරණ ලෙස බෙදී නොයෑමට එරෙහිව හොලිවුඩ් සිනමාවේ නළු නිළියන් එක්ව ආරම්භ කළ ඓතිහාසික වැඩ වර්ජනය හේතුවෙන් හොලිවුඩ් සිනමාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක පාඩුවක් සිදුවනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. වැඩි වැටුප් සහ සේවා පහසුකම් ඉල්ලා පසුගිය මැයි මාසයේදී හොලිවුඩ් තිර රචකයන් ආරම්භ කළ වැඩ වර්ජනයට නළු නිළියන් එක් වූයේ මීට දින කිහිපයකට පෙරය.

හොලිවුඩයේ ප්‍රධාන චිත්‍රාගාර හිමිකරුවන් සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු වැඩ වර්ජනය ආරම්භ කිරීමට නළු නිළියන් එක්ලක්ෂ හැටදහසක පමණ සාමාජිකයන් සංඛ්‍යාවකින් යුතු වෘත්තීය සමිතිය පියවර ගෙන තිබිණි.

මීට පෙර 1960දී නළු නිළියන්ගේ වැඩ වර්ජනයක් පවත්වා ඇති අතර, එවර වෘත්තීය සමිතියේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ පසුකාලීනව එරට ජනාධිපති පදවියට පත් වූ රොනල්ඩ් රේගන් ය. එවැනි වැඩවර්ජනයක් 1980 දී ද සිදු වී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT