Wednesday, April 9, 2025
Home » උතුරු ඉන්දියාවේ ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරී 15ක් මරුට

උතුරු ඉන්දියාවේ ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරී 15ක් මරුට

by mahesh
July 21, 2023 1:00 am 0 comment

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ගං ඉවුරක් අසල විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙන් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. අලක්නන්දාහි චමෝලි දිස්ත්‍රික්කයේ සිදු වූ මේ අනතුරින් මිය ගිය අය අතර පොලිස් නිලධාරියකු සහ ග්‍රාමාරක්ෂකයන් පස්දෙනකු ද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. ට්‍රාන්ස්ෆෝමරය පිපිරීමේ සිදුවීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති පුෂ්කර් සිං බලධාරීන්ට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යෑමෙන් පුද්ගලයන් 21 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර, තුවාල ලැබූවන් අතර බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයන් ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය. අවිධිමත් විදුලි රැහන් සහ යටිතල පහසුකම් දුර්වල තත්ත්වයක පැවැතීම හේතුවෙන් ඉන්දියාවේ විදුලි සැර වැදීමෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT