Sunday, April 20, 2025
Home » ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

by chanaka
July 20, 2023 10:37 pm 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් අද(20) පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

දෙදින නිල චාරිකාවක් සඳහා අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

2022 වසරේ දී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙයයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ. ඒ අනුව සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිතිනිය සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය මේ වසරේ සමරන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මෙම චාරිකාව සිදුවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT