Monday, April 21, 2025
Home » නව ජල ගාස්තු සූත්‍රයක් නුදුරේම හඳුන්වා දෙනවා – ඇමැති ජීවන් තොණ්ඩමන්

නව ජල ගාස්තු සූත්‍රයක් නුදුරේම හඳුන්වා දෙනවා – ඇමැති ජීවන් තොණ්ඩමන්

by sachintha
July 20, 2023 1:00 am 0 comment

මෙරට ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් සැලසීමේ අරමුණ ඇතිව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. ආයෝජන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් පවතින ජල ගාස්තුවල යම් සංශෝධනයක් සිදු වන නමුත්, එහි බලපෑම සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබන හා වතු නිවාස පාරිභෝගිකයන් හට අත්විඳීමට ඉඩක් නොතබන බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (18) පැවෙති ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද පැවසීය: “පසුගිය සමයේදී මාසිකව රු. මිලියන 500ක පමණ මුදලක් නිෂ්පාදන පිරිවැය වෙනුවෙන් අතිරේකව යෙදවීමට ජලසම්පාදන මණ්ඩලයට සිදු වුණා. මීට අමතරව ආයෝජන පිරිවැය වශයෙන් මාසිකව රු. බිලියන 2.8ක පමණ අලාභයක් මණ්ඩලයට දැරීමට සිදු වුණා. ජල ගාස්තු සංශෝධනය නොකළ හොත් ජලසම්පාදන මණ්ඩලයේ වාර්ෂික අලාභය රු. බිලියන 34ක් පමණ විය හැකියි. එබැවින් මේ අලාභ තත්ත්වය තවදුරටත් සිදු වුව හොත් රටට සුරක්ෂිත ජල සේවාවක් සැපයීම බාධාවක් විය හැකියි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිරිවැය ඉතුරුම් ක්‍රියාමාර්ගවලට සමගාමි අතිරික්ත සේවක කප්පාදුව, ජල සම්පාදනයට නවීන තාක්ෂණය යොදාගැනීම ඇතුළු පියවර ගණනාවක් ගෙන තිබෙනවා. කඳුකර වතු ජනතාව මෙරටට පැමිණ මේ වසර වන විට වසර 200ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා දිස්ත්‍රික් 13ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.“

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT