Home » පල්ලේකැලෙන් පැනැවිත් සොරකමේ ගිහින්

පල්ලේකැලෙන් පැනැවිත් සොරකමේ ගිහින්

by sachintha
July 20, 2023 1:00 am 0 comment

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ රඳවා සිටියදී වසර 10කට පෙර බන්ධනාගාරයෙන් පලාවිත් ගෙවල් බිඳුම් සහ සොරකම්වල නිරතව සිටි අපරාධකරුවකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ, ඉහළගම දී කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (18) සැකපිට අත්අඩංගුවටගත් මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු බන්ධනාගාරයෙන් පලාවිත් සිටින අයකු බව අනාවරණය වී තිබේ.

මීගහතැන්න, ලිහිණියාවේ පදිංචි මෙම සැකකරු අවුරුදු 47ක් වයසැති අයෙකි. මොහු බන්ධනාගාරයෙන් පලාවිත් ඇත්තේ 2013 වසරේ මැයි 24 වෙනිදාය.

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් (අයි.ආර්.සී) ලෙස ලේඛනගතව සිටින මෙම සැකකරු නිවෙස් බිඳුම් හා සොරකම්වලට සම්බන්ධ අයෙක් බව ද විමර්ශනයේදී හෙළි වී ඇත.

ගම්පහ පොලිස් වසමේ සිදු වූ නිවසක් බිඳ දේපොළ සොරා ගැනීමක් ගැන ද තොරතුරු ප්‍රශ්න කිරීමේදී සැකකරු හෙළිකර තිබේ. මෙම සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT