ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂාව ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර සමුද්‍ර නීතිය ආරක්ෂා කිරීම සහ නීතියේ ස්ථාවරත්වය ඕනෑම ඒකපාර්ශ්වික ක්‍රියාකාරකම්වලින් උල්ලංඝනය වීමට එරෙහිව ආරක්ෂාව තර කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධව සාකච්ඡා කිරීමට ඉන්දියාවේ ආරක්ෂක ඇමැති රාජනාත් සිං පසුගියදා මැලේසියාවේ සංචාරයක නිරතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සංචාරය මැලේසියාවට ද දිගු කාලීන හා කල්පවතින ප්රතිලාභ ගෙන දෙන උපායමාර්ගික ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව දොරටු විවර කිරීමක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය වසර කිහිපය තුළ මැලේසියාවේ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ ඉන්දියාව නොසලකා හැරීමෙන් විවිධ බලවේගවල ගොදුරක් බවට පත්වූ බව කියන මැලේසියාවට ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයාගේ සංචාරය අතිශය තීරණාත්මක වූ බව ද වාර්තා වේ. නව තාක්ෂණ ගවේෂණය ඇතුළුව ඉන්දියාව සමඟ වැඩි ආරක්ෂක සහයෝගිතාවන් වර්ධනය කරගැනීමෙන් මැලේසියාවට ස්වයං විශ්වාසය සහ නිවැරැදි ආරක්ෂක සහකරුවකු ලෙස ඉන්දියාවේ ආරක්ෂක ඇමැතිවරයාගේ සංචාරය ධනාත්මක ප්රතිලාභ ලබා දෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.