443
ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනයේ සඳහන් වන්නේ සතොස කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 31කින් පහළ දමා තිබේ.
ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට්ටුවක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 999ක් ලෙසය.
ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් හරහා හෙට (21) සිට මෙම නව මිල යටතේ ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් මිලදීගැනීමට හැකිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.