Home » රියැදුරුට නින්ද ගොස් කැබ් රිය බසයක ගැටී 5ක් රෝහලේ

රියැදුරුට නින්ද ගොස් කැබ් රිය බසයක ගැටී 5ක් රෝහලේ

by mahesh
July 19, 2023 1:05 am 0 comment

ෂෙහාන් ජයවර්ධන - ගල්කිස්ස, බණ්ඩාරගම - බිමල් ජයසිංහ, ශ්‍රී ජයවර්ධනපුර තරංගා රුවන් පතිරණ

මොරටුව නව ගාලු පාරේ, එගොඩඋයන මංසන්ධියේදී ඊයේ (18) දින උදෑසන 6ට පමණ කොරළවැල්ල මාර්ගයේ නවතා තිබූ පුද්ගලික බස් රථයක කොළඹ දෙස සිට මහනුවර බලා ධාවනය වූ මාළු වෙළෙන්දන් රැගත් කැබ් රථයක් ගැටී අනතුරක් සිදුවී ඇත.

කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එම රිය අනතුර කැබ් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් සිදු වී ඇති බවට එගොඩඋයන පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

පාණදුර සිට මහනුවර දක්වා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයක රෝදයක් කැඩී යාම හේතුවෙන් කොරළවැල්ල ප්‍රදේශයේ මාර්ගයේ වම්පස නතර කර තිබියදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් ගත් කැබ් රථය එහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී තිබූ අතර, අනතුරින් කැබ් රථ‍ෙය් ඉදිරිපසට බරපතළ අලාභ සිදු වී ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. එන්. ආර්. සොයිසා, පොලිස් සැරයන් (66638) සඳමාල්, පොලිස් කොස්තාපල් (9729) චාමිදු මහත්වරු පරීක්ෂණ පවත්වන අතර, අනතුරට පත් කැබ් රථය හා රියදුරු පොලිසිය භාරයට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT