හංවැල්ල පොලිස් ස්ථානයේ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිද්දෙණිය පන්සල අසල නිවසක පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරක් මත එම නිෙවස පරීක්ෂා කිරීමේදී නිවසේ සිටි පුද්ගලයකු අයිස් ග්‍රෑම් 10ක් සහ කඩුවක් සමඟ පෙරේදා (17 ) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු සන්තකයේ තිබී සිම් කාඩ්පත් 08ක් ද, ඒ.ටී.එම්. යන්ත්‍ර සඳහා භාවිත කරන කාඩ්පත් 09 ක් ද, මත්ද්‍රව්‍ය කිරණ කුඩා ප්‍රමාණයේ තරාදියක් ද, ගනුදෙනු සටහන් කරන්න සටහන් පොතක් ද, මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා උපයෝගි කර ගන්නා කවර ද සොයාගත් බව පොලිසිය පවසයි.
මොහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී 2015 වසරේ ඌරජුවා නම් පාතාල කණ්ඩායම් සාමාජිකයාගේ ප්‍රථම නඩුවේ දෙවැනි සැකකරු වශයෙන් හඳුනන්නේ මෙම සැකකරු බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසියට තහවුරු කරගෙන ඇත.
කූඩැල්ලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහු නවගමුව පොලිස් බල ප්‍රදේශයේ දැඩිගමුව, බදුවත්ත ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකු බවත්, විවිධ සිදුවීම් සම්බන්ධයෙන් නවගමුව පොලිස් බල ප්‍රදේශය මඟහැර මොහු මොහුගේ බිරිය සමඟ දිද්දෙණිය ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිට ඇති බවද පොලිසිය පවසයි.
දෙමටගොඩ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මොහු ඊසි කෑෂ් ක්‍රමයට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුකරන බවද පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තහවුරු කර ගත් බව පොලිසිය පවසයි.