ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය, කොල්ලූපිටිය ජුම්මා දේවස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැත්වුණි.
ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ඉස්ලාම් ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා සාමාජිකයින් සිහිකිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිම සිදු කෙරුණි.
මෙම පූජෝත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු අධ්‍යකෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් මෙන්ම මියගිය ගුවන් හමුදා රණවිරු පවුල් වල සාමාජිකයින්ද සහභාගී විය.