Home » ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයට

ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ජාලයට

by chanaka
July 19, 2023 12:59 pm 0 comment

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ අමාත්‍යවරයා අතර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව විදුර වික්‍රමනායක ඇමතිවරයා මේ බව පැවැසීය.

ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් හා බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන තිබෙන අතර,අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම කාර්යය සිදු කිරීමට නියමිතය.

මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරීම සඳහා උත්තරිතර මණ්ඩලය, අධීක්ෂණ මණ්ඩලය, හා ක්‍රියාකාරී මණ්ඩලය ලෙසින් මණ්ඩල 03ක් පත්කිරීමට හා මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කළ යුතු බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT