ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, කළපු ප්‍රදේශයේ ඊයේ (18 ) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය හරහා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස්හතකට (557) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) අත්අඩංගුවට ගෙන තිබෙයි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් 2023 ජුලි මස 18 වන දින මීගමුව, කළපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ලෙස මීගමුව කළපුවේ දූව ප්‍රදේශයේ නවතා තිබූ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රැම් පන්සිය පනස්හතකට (557) අධික තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙයි