මස්කෙලිය ප්‍රදේශයේ තේ වත්තක සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට එම වතුයායේ වතු කම්කරුවන් (17) දින පියවර ගෙන තිබුණි. මාසයක් පමණ වයසැති කඳුකර කොටි පැටවුන් දෙදෙනා තේ වත්තේ ආරක්ෂිත ස්ථානයකට මව විසින් ගෙනවිත් දමා මව ගොදුරු සෙවීමට ගොස් සිටි අවස්ථාවක තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් කඳුකර කොටි පැටවුන් දෙදෙනා දැක ඒ බැව් වතු පාලන අධිකාරිය හරහා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් වෙත දැනුම් දී ඇත.
තම භාරයේ සිටින කඳුකර කොටි පැටවුන් දෙදෙනා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත මව වෙත භාරදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරියකු කීය.
තේ වත්තේ සිටින මෙවැනි කඳුකර කොටි පැටවුන් මිනිසුන් විසින් අල්ලා ස්පර්ශ කිරීමෙන් පසු යලිත් එම කොටි පැටවුන් මව විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන නිසා තේ වතුවල සහ රක්ෂිතවල සැරිසරන කොටි පැටවුන් ඇල්ලීමෙන් වැළකී එම සතුන් සිටි ස්ථානයේම රැඳී සිටීමට අවස්ථාව දීම තුලින් එම කොටි පැටවුන්ගේ ජිවිත ආරක්ෂා වන බවත්, ගොදුරු සොයා යන කොටි පැටවුන්ගේ මව යලිත් එම ස්ථානයට පැමිණ තම පැටවුන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන බවත් වනජිවි නිලධාරීහූ කියා සිටියහ.