රට බංකොලොත්භාවයට පත් කිරීමට අදාළ හේතු සෙවීමට පත් කරන ලද තේරීම් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ඉල්ලා සිටියහ. එලෙස විපක්ෂයට ලබා නොදෙන්නේ නම් එම තේරීම් කාරක සභාවෙන් සමඟි ජන බලවේගය ඉල්ලා අස්වන බවත් රට බංකොලොත් කිරීමට දායක වූ පක්ෂවල නියෝජිතයන් අදාළ කම්ටුවේ සභාපති ලෙස පත් කිරීම සුදුසු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
රට බංකොලොත් වීමට හේතු වූ සත්‍ය කරුණු දැන ගැනීමට ඇත්තටම අවශ්‍ය නම් කළ යුතු වන්නේ එම සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දීම බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.